Bandimu Suda (බදිමු සුදා ) - Piyath Rajapakse

1st Verse :

නුබ අතේ මුදු මාලයක් මං පලදාවී

මදු සුවය සොයා සීතල ගමකට යාවී

ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී

මුලු ජීවිතේ රෝස මල් යහනක් වේවි


Pre Chorus:

දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී

ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී


Chorus:

කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා

කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා



2nd Verse :

ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී

නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී

නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී

රාජපක්ෂ පවුල මුලු ගමේම වැජඹේවී


Pre Chorus:

දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී

ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී


Chorus:

කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා

කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා

Previous Next

نموذج الاتصال