හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්
ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට //
හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා…
දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට //