අඹර හුදෙකලා කර සඳ සැඟවුණා වගේ
ලමැද ගිණිලුවා කිම නුඹ ඉගිලිලා ගියේ
මතක බර දරා මුළු හිත අන්ධකාරයේ
දසත හොයනවා නුඹවම සුන්දරාවියේ
සොඳුරු පහස දී සයනේ උණුහුමේ වෙලී
උන්නු අපි අපේ ලෝකේ මුවින් හසරැලී
සුවඳ නෑ මිදී තව ඒ සුසුමෙ සුරතලී
නපුරු වුණෙ කෙසේ ඔය හිත සිනිඳු සියුමැලි
නුඹෙන් තොර කොහේ සතුටක්
මට ලොවේ නොවේ
හිතට හිත ලියා දෙන්නා බැන්ද ප්‍රේමෙ හී
නෙතග තෙම තෙමා වැටුණා බැම්ම ඒ ලිහී
යලිදු නොදුටුවත් නුඹ මා කෙදින හෝ කොහී
නොයමි දිවි තුරා පතලා නුහුරු මල් වැහී
ඉතින් නුඹ රැඳේ කවදත්
හදවතේ මගේ