ගිලිහෙනා විට හේතු නොකියම දෙතොලෙ රැදි නුඹෙ හාදුවක්
මුලාවක් වී සැගව යන්නේ
නුඹ ලියූ ඒ පෙම් වදන්
නෑසෙනා දුරකට වෙලා
මගෙ හදින් ඈතට යනවනම්
මෙයද මා පැතු ආදරේ
ලං නොවුනු හිතකට පෙම් කරන්
ඉරුණු පොඩි වුනු තැලුනු හදවත
සොයයි තාමත් නුඹේ උණහුම
සොදුර යයි දැන් නුඹ දුර ඈතක
නුඹට නෑසෙනා කදුලු වෑහෙනා
සුසුම් අතරේ ලියවූ කතාවක්
පෙර පෑ සිනාවෙන් පෑරිලා නුඹෙ
හදෙහි උණුසුම පතා මං
මට බෑ බලන්නට නුඹෙ දිහා
මේ ආදරේ හංගන්
පෙම් කවක් වී නුඹ ගෙතුව ඒ
මතකෙම විඩාවක්
ඉරුණු පොඩි වුනු තැලුනු හදවත
සොයයි තාමත් නුඹේ උණහුම
සොදුර යයි දැන් නුඹ දුර ඈතක