දිනයක හමුවේ නම්
ඉතින් ආයේ
පෙර සැගවුනු හසකැන්
නැගී මාගේ
නෙතගේ දිලිසේ නම්
නොකී ආරේ
තව ඉවසා ඉන්නම්
හැගුම් පාහේ
ආයේ ලංවීලා
පෙර මෙන් තුරුලේ නවතා
මොහොතක් හෝ පාසා
යනවාද හිනැහීලා
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ
ආදරේ
පරා යනු පෙම කෝ මා
හිතින් නුඹගෙම වීමා
නිවෙන්නම් ඔබෙන්
මේ යාමයේ
පෙර භවයක නුඹගේ
තුරුලේ මියෙන්නැතී
ඒ තරමට නුඹ හා
පෙමකින් වෙලෙන්නැති
භවයේ අප දෙදෙනා
යනවානම් මග හැරිලා
පෙම නොමැරෙන්නට දීලා
එක් වෙමු සසරේ බැදිලා
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ
ආදරේ
පරා යනු පෙම කෝ මා
හිතින් නුඹගෙම වීමා
නිවෙන්නම් ඔබෙන්
මේ යාමයේ
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ
ආදරේ
පරා යනු පෙම කෝ මා
හිතින් නුඹගෙම වීමා
නිවෙන්නම් ඔබෙන්
මේ යාමයේ