පෙම් හීන | Pem Heena - Kavindya Adikari

පෙම් හීන මල් පිපෙන මාවතේ

අපි ආදරෙන් උන්නු කාලයේ

ඔබෙන් පෙම් කතා ඇසුනා


හදේ රූ රටා මැවෙනා

මතකයි නේද පෙම්වන්තයෝ


සිලිලාර සිත් මානයේ සීරුවේ

දඟකාර කම් පුරණ කාලයේ


හො‍රැහින් ආදරෙන් බලනා

රහසින් ළං වෙන්න සිතෙනා

මතකයි නේද පෙම්වන්තයෝ


ගඟලඟ ඉඳගෙන ගී මුමුණා

ඔබෙ අත ගෙන මම ඇවිදිනවා…//


වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ…//

ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ


ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ

ඈත්ව යන්නට සිතුනෙම නෑ…//


ආදරෙන් හිස අතගා චා‍ටු බස් කොඳුරලා//

ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ


පෙම් හීන මල් පිපෙන මාවතේ…

Previous Next

نموذج الاتصال