හදවතේ තිබුන දේ..
නුඹට මං නොකියා..
සැඟෙව්වේ ආදරේ..
නුඹට වැඩි හින්දා..
ඔය දෑසගේ රැඳි
සෙනෙහසේ ජීවිතේ තිබුනා
මට ආදරේ ගැන තේරුනේ
නුඹෙන් බව දැනුනා..
හමුවෙන්නම් සඳේ මතු ආයේ..
පවසන්නම් හදේ තුබු හැම දේ
නුඹ කදුලැලි නොහෙලන්
මට නුඹ අහිමියි දැන්
සෙනෙහෙන් වෙන්වුනු
ආලේ නුඹවෙන්..
නෙතු දිගේ මතකයේ..
කදුලු බිඳු වැටෙනා..
අතැරුනේ අත නුඹේ..
නොසිතු මොහොතක මා..
ඔය දෑසගේ රැදි
සෙනෙහසේ ජීවිතේ තිබුනා
මට ආදරේ ගැන තේරුනේ
නුඹෙන් බව දැනුනා..
හමුවෙන්නම් සඳේ මතු ආයේ..
පවසන්නම් හදේ තුබු හැම දේ
නුඹ කදුලැලි නොහෙලන්
මට නුඹ අහිමියි දැන්
සෙනෙහෙන් වෙන්වුනු
ආලේ නුඹවෙන්..