තනිකම පාරන යාමේ හිත මා
තුරුළෙම මා ළඟ වැස්සේ තෙමුනා
මට නැති ප්‍රේමේ දීලා
හෙමිහිට උණුසුමක් හෙව්වා
හොම්බක තෙත
පෙම් දෙනෙතක
මා බැඳුනානේ
කෙඳිරුම් ස්වර
නළවාවී හිත මා
මං ඇවිලුනු
ගින්දර බුරලා
කෙල ගා නිවන
දෛවය දුන්
සුන්දර මිතුරා
ලෝකයේ නිසැකම ආදරේ
කාගේද මේ ලොම් ඇලෙනා සෙනේ
ජීවිතේ නුඹ කියලා මගේ
කීවේ හිතේ ගැඹුරුම කාරණේ
සූරනවා මිස පාරා නෑ හිත
හීනෙක හෝ මට නෑ රිදවාලා නුඹ