ජීවිතේ විදින්න විදින්න
ආසයි වසත් බිමක
ආදරේ විදින්න විදින්න
ආසයි ඔබත් එක්ක
රොබරෝසියා වැස්සේ තෙමිලා
රිදුම් පිරිමැද
සිත සිඹිනා සුලගින්
හරිත ස්වර අරන්
විහග නද මැදින්
ගයන්න ගයන්න ගයන්න
ආසයි පෙම් වදන්
ආදරේ විදින්න විදින්න
ආසයි ඔබත් එක්ක
ඉබුරු දෑල වී
සිහින විමන් දකිමින්
හැපී නෙකවරින්
සිනහ රැලි නගන්
ගලන්න ගලන්න ගලන්න
ජීවිතේ ගග ඉතින්
ආදරේ විදින්න විදින්න
ආසයි ඔබත් එක්ක
රොබරෝසියා වැස්සේ තෙමිලා