කැලෑ මලක් | Kala Malak - Tharindu Damsara

ඔකඳ වී ඇය හාදු ඉහිරුව රෑ

සෙනෙහෙ දී නිදි රන් ඔරුව මත ඈ

ගිණිකොණේ ගිනි දැවෙන හද නිදි නෑ

සඳ කෙමි වැදී දිලිහෙන්න නම් ඇය තෝඩු පළඳා නෑ


දෙපස වන ලැහැබේ කෑල මල් ඇගේ රුව දැකලා

වියළි සුලැගේ ඈ දෙසට එයි ආලයෙන් පිරිලා

මඟුල් මුදු නැත කැලෑ මල් මිස නුඹෙ දෑත් සරසන්න

මූදු හුළඟට පෙති සැලෙන හැටි බලාගෙන හිනහෙන්න


දහවලේ කටු ඇනී සිරුනු කැළැල් පිරිමදිමින්

මා දිහා කිම බලන්නේ ඔය දැවෙන දිගු දෑසින්

කොහොඹ සිහිලේ පපුතුරේහි උණුහුමේ ගුලිවෙන්න

ගිණිකොනේ සඳ කෙමි වියන යට කැලෑ මල නිදියන්න

Previous Next

نموذج الاتصال