රුක්මලක් දෑතේ දරාගෙන
තනි තරුව දෙස නෙත් අයාගෙන
දැනුණු හැඟුමක හද තෙමාගෙන
අරුත් සෙව්වෙමි රෑ පුරා මම
කාල නදී මැද සුළගින්
ශවේත දළ රළ බිදෙනවා
හමුවුවත් මුහු නොවුණු ගං දිය
මං මුලා වී ගලනවා
දිය රැළිති මත කැළතිලා
නූපුරක හඬ නංවලා
සඳ කිනිති මත වැතිරිලා
ලිලැක් පෙති ඇත ගිලිහිලා
නදී ශවේත නදී
මා හද පුරා නුඹ ආලෙන් වෙලන්නද
නදී ශවේත නදී
මා මෙහි දමා සමුදුරු බලා යනවද…
කාල නදී මැද සුළගින්
ශවේත දළ රළ බිදෙනවා
හමුවුවත් මුහු නොවුණු ගං දිය
මං මුලා වී ගලනවා