සිතා කුමටද | Sitha Kumatada - Sathira G Samarakoon

දෑස මානේ නුබව තියලා

ආදරේ මට දෙන්න තිබුණා

අපි ටිකක් තව ඉවසුවානම්

ගොඩක් දුර තව යන්න තිබුණා


එදා ඒ ආදරේ නුබගේ

ඇස්වලින් උතුරන්න තිබුණා

ඇත්තටම අපි වෙන්නොවී ඒ

ආදරේ රැකගන්න තිබුණා


සිතා කුමටද අහිමි දේ ගැන

තැවී ලතැවෙන්නේ

කොලත් වියලී වැටුනු පසු

යලි ගසුත් දළුලන්නේ


හොදම දේමයි දෛවයෙන්

මට උරුම කරදුන්නේ

නොසිතා ඉමි මම

අලුත් හීනෙට මමයි පන දෙන්නේ


මතු දිනෙක නුබ එයිද මට හිත

කීව සමහර දවස් තිබුණා

ඒ නිසා මඟ බලන් ඉදලා

දෙනෙත් රතුවූනු හවස් තිබුණා


අපි ගැනම ගෙතු පෙහෙලිකාවන්

එකින් එක විසදන්න තිබුණා

ඇත්තටම අපි ආදරෙන් තැනූ

හීන අත්නොහරින්න තිබුණා


සිතා කුමටද අහිමි දේ ගැන…


හොදම දේමයි දෛවයෙන්…


අපි නිතර ඉදගත් අසුන හිස් වෙලා

පාළුව වෙලී තිබුණා

අපිම අපි මගහැරිය තැන් වල

තවම ඒ ආදරේ තිබුණා


එදා අපේ හිත් මුණ ගැහෙන්නට කාරනා

නොයැදෙන්න තිබුණා

දෛවයෙන් දුන් තීරනය මත සියල්ලම

විසදිලා තිබුණා


සිතා කුමටද අහිමි දේ ගැන…


හොදම දේමයි දෛවයෙන්…

Previous Next

نموذج الاتصال