ආදරේ…මා හදේ ඇඳී
නුඹම පතනා…
ආදරේ… මා හා…
ගැයූ වදන් මිමිනෙනා රැවු දෙනා…
දිවියේ හිඳින් රැඳී
ලඟින් මගේ හිත නිවනා
දැනුනේ ඔබෙන්
ලැබූ පැතුම්
විඳී පෙමින් වෙලී මා
සිහිනේ නුඹහා
ඇඳුනේ පෙරදා
බිඳුනේ පෙම්ලොව මා
අහිමිව ඒ නුඹේ සිනහා
එනමුදු හීනේ
යලි ඉපදී
නුඹලඟ මාගේ
ජීවිතේ ලියවී
මතුයම් භවයේ
යලි අප හමුවී
තුරුලේ නිවෙනා
දිනයේ ලංවී