ගඟක් වී තැනිතලාවක ගලනා
තුරුපතක් සේ රැයක බිම හැලෙනා
තරු ඇසක් සේ පහන් දොර මැකෙනා
නුඹ හෙමින් මගහැරෙනු මට දැනුණා
නොයෙක පෙම් බස් අතීතෙන් ඇසුණා
කඳුළු උල්පත් කවිවලින් වැසුණා
දෙනෝ දාහක් මුණ ගැහුණ මග
මටද මා නැති තනිකමක් දැනුණා
නොදැනෙන්න ඔබ කවුලු දොර වැසුවා
පිටවගිය මං ළකුණු මග තිබුණා
වළාකුළකට බර වැඩිව වැහි
සිඟිති කරදහි ඔරු තෙමා තිබුණා