නුඹ හෙමින් | Numba Hemin - Chapa Jayaruk

ගඟක් වී තැනිතලාවක ගලනා

තුරුපතක් සේ රැයක බිම හැලෙනා

තරු ඇසක් සේ පහන් දොර මැකෙනා

නුඹ හෙමින් මගහැරෙනු මට දැනුණා


නොයෙක පෙම් බස් අතීතෙන් ඇසුණා

කඳුළු උල්පත් කවිවලින් වැසුණා

දෙනෝ දාහක් මුණ ගැහුණ මග

මටද මා නැති තනිකමක් දැනුණා


නොදැනෙන්න ඔබ කවුලු දොර වැසුවා

පිටවගිය මං ළකුණු මග තිබුණා

වළාකුළකට බර වැඩිව වැහි

සිඟිති කරදහි ඔරු තෙමා තිබුණා

Previous Next

نموذج الاتصال