පරසතු යාය | Parasathu Yaya - Chamara Weerasinghe

ඉර හඳ සෙවනැල්ලේ

කළු සුදු ඕවිල්ලේ

නැළවෙනවද මේ

මනුසත් උද්‍යානේ

කඳුළද හසරැල්ලේ

සැනහී දිවි නිල්ලේ

හමුවෙමු මොහොතක්

අපි පරසතු යායේ…//


දෙව්දුන්නෙන් පින්තාරු වුණත්

සිහින විමන්

එක ඇසිල්ලකින්

දූලි වලා වේවි පැතුම්

නෙතු අග ශේෂ වේදෝ

සිහින ලොවේ පාට ඇඳුම්.. පාට ඇඳුම්


ඉර හඳ සෙවනැල්ලේ…


නෙක හදවත් සිපගෙන

ලොවට පිදෙන නිහඬ සුසුම්

එක සුවඳක් නේදෝ

තිලිණ කළේ ලොවට උතුම්

ඒ සුවඳට පරදීවී ලොව

සුපිපෙනා සියලු කුසුම්.. සියලු කුසුම්


ඉර හඳ සෙවනැල්ලේ…

Previous Next

نموذج الاتصال