පින්සලක් වීලා
සුන්දරවත් වීලා
සිත්තමක් සේ පූදින්නේ
සිත්තරුන් මැවිලා…
පින්සලක් වීලා
සුන්දරවත් වීලා
සිත්තමක් සේ පූදින්නේ
සිත්තරුන් මැවිලා…
ලා වැලි මගමේ
ආව මේ ගමනේ
පියවර මැන මැන
ආව මේ භවයේ
ආව මේ ගමනේ
නැවතුම කොතනද
අවදි
චිත්තරේම වෙන්නම්
තවත් එක් සිත්තරෙක්
නොවෙන්නම්
මං මුලා වී නොවී
චිතෙට පත් වෙවී
මත් වුනේ සංගීතෙන් මං
සායම් වූද
ශබ්ද වූද
සුසංයෝගය පංච බූත
හිතාගන්නවත් බෑ
අදින රූ මදින රූ
මිනිස් රූප ඇදෙද්දී
නවත්ත ගන්නත් බෑ
බිත්තරෙන් ආව මං
සිතුවමෙන් ආවා මං
චිත්‍රයක් සිත් කලේ මැවී
එකතුවී පෙනීම
සිතුවමකින් කලේ
දැනුනෙමි දැනුන දේ
පෙන්නන්නම් මං පින්සලෙන්
පියවර පිය නගලා
කලාවට මග වඩාලා
සංගීතමත් වී
අවදිමත් වී
ඉද්දී මාත්
සවුන්දර්‍ය මත් වීලා