සියඹලා ගහ යට මා එදා
හමු වූ පෙම මට නැති වෙලා
මා හද පුපුරා ඈ ගියා
ගියා ගියා ගියා
මගේ නලලට හාදුත් තියා
මතකද ඔබ මට කී කතා
අද අදුරේ මා තනිවෙලා ගියා
ගියා ගියා ගියා
දුන්නට බොරු හීන ඈ
තේරුනේම නෑ නෙ කාරනා
හදවත ඔබ ගාව රෑ
නැවතුන හැටි දන්නේ නෑ නේ මා
තනි යහනේ මා සදා
ඈ රැවටූ
කරකාරේ බර බාගේ
කැන්දා මා යන්නේ
මගෙ බාරී කරමාලේ
බැන්දේ රෑ හීනේ…//
දුන්නට බොරු හීන ඈ…
සියඹලා ගහ යට මා එදා…
මගේ නලලට හාදුත් තියා…