Verse 1
මා මෙලොවේ විඳිනා සතුටේ
ඈ රැඳුණේ හැමදා පණ සේ
උණුහුම නිති දැණුනේ
ඈගේ තුරුලේ මට සුවදේ
Verse 2
සිහිවේ ඔබ ළඟ උන් ඒ කාලේ
සෙනෙහේ මගේ ලස්සන අම්මාගේ
හීනේට මාගේ තටු දෙන්න නේදෝ
පැතුවේ හැමදේ ඔබ රහසේ
Verse 3
අත් නොහෙලා මා වැටෙනා විටදී
උන්නේ ඔබයි මා හට සරණේ
ඔබ කීව ගී තාලේ
රැව් දේ හිතේ මාගේ
සුවඳේ වෙලී ආයේ
Verse 4
සැනහේ මා දිවිතුරා
අම්මාගේ ආදරේ